රත්මලානේ දරුණු පිපිරීමකින් දෙදෙනෙක් රෝහලේ

රත්මලාන කල්දෙමුල්ල ප්‍රදේශයේ සිදුවූ පිපිරීමකින් වයෝවෘද්ධ අඹු සැමි යුවලක් තුවාල ලබා කළුබෝවිල ශික්ෂණ රෝහල ඇතුළත් කර ඇති බව ගල්කිස්ස පොලීසිය පවසයි.
පිපිරීමෙන් අසල නවතා තිබූ ත්‍රීරෝද රථයකට අලාභ සිදු වී ඇති අතර වයෝවෘද්ධ අඹුසැමි යුවළ නිවසට ඉදිරි පසින් පිහිටා තිබෙන ඉඩමක් සුද්ද පවිත්‍ර කර ගිනි තැබීමත් සමගම පිපිරීම සිදු වී ඇති බව අනාවරණය වී තිබේ.
කෙසේ වෙතත් මෙම පිපිරීමත් සමඟ ම එයින් විසි වූ කුඩා යකඩ බෝල අබු සැමි යුවළගේ අත් පා වලට කාවැදී තුවාල සිදුවී තිබූ බවත් ඒ අසල නවතා තිබූ ත්‍රීරෝද රථයේ ඉදිරිපස බඳ පෙදෙසට හා ඉදිරිපස වීදුරුව ට පිපිරීමෙන් විසි වූ යකඩ බෝල ගැටී අලාභානි සිදු වී ඇති බවත් සඳහන් වේ.
එම පෙදෙස මේවනවිට ආවරණය කර ඇති අතර රජයේ රස පරීක්ෂකවරයා කැඳවීමට නියමිතයි.
224 Views
Comments