සැලසුම් සහගතව මුදල් වියදම් කළ යුතු බවට ජනපති කියයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසන්නේ, රට ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින බැවින් තාවකාලික පදනමින් අරමුදල් නිකුත් කළ නොහැකි බවයි.
සම්පුර්ණ වසර සඳහාම අයවැය සකස් කර ඇති බැවින් වියදම් සිදුකළ යුත්තේ සැලසුම් සහගතව ප්‍රවේසමෙන් බව ජනාධිපතිවරයා පෙන්වා දෙයි. ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් අපේක්ෂා කරන පරිදි මාර්තු මාසයේ දී ණය මුදල් නොලැබුණ හොත් සංචිතයක් තබාගත යුතු බවයි.
පළාත් පාලන මැතිවරණ පිළිබඳව නිශ්චිත ඇස්තමේන්තුවක් නොමැති අතර මේ මොහොතේ තාවකාලික ගෙවීම් දැරිය නොහැකි බැවින් නිවැරදි අයවැයක් ඉදිරිපත් කරන ලෙස තමන් මුදල් අමාත්‍යංශයෙන් ඉල්ලීමක් කළ බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දෙයි. ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති ජින් ෆ්‍රැන්කොයිස් මහතා පවසන්නේ, ශ්‍රී ලංකාව මුහුණ පා ඇති ආර්ථික අර්බුදය හමුවේ ලබාදිය හැකි සෑම සහයෝගයක්ම ලබාදීමට ප්‍රංශ රජය සූදානම් බව යි.
පැරිස් ආධාර කණ්ඩායම තුළත් ඉන් පිටතත් ශ්‍රී ලංකාවට සහය දැක්වීමට ප්‍රංශ රජය සූදානම් බව තානාපතිවරයා පෙන්වා දෙයි. ප්‍රංශ තානාපතිවරයා වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා හමු වූ අවස්ථාවේ එම අදහස් පළ කර තිබේ.
252 Views
Comments