පොල්පිටිය සමනල බලාගාරයේ අලුත්වැඩියාවක්

විදුලි උත්පාදක යන්ත්‍රවල සිදු කරන අලුත්වැඩියා කටයුතු හේතුවෙන් ඊයේ දින සිට ගිනිගත්හේන පොල්පිටිය සමනල ජල විදුලි බලාගාරයේ විදුලි උත්පාදනය තාවකාලිකව නතර කර තිබේ.
සමනල ජල විදුලි බලාගාරයෙන් මෙගාවොට් 75 ක විදුලි ධාරිතාවක් උත්පාදනය කරන අතර ලක්ෂපාන ජල විදුලි බලාගාරයෙන් ජල විදුලි උත්පාදනය සඳහා ලබාගන්නා ජලය ලක්ෂපාන පොකුණ ජලාශයේ සිට උමං මාර්ගයක් ඔස්සේ සමනල ජල විදුලි බලාගාරය වෙත ගෙන යනු ලැබේ.
සමනල ජල විදුලි බලාගාරයේ විදුලි උත්පාදනය තාවකාලිකව නතර කර ඇති නිසා ලක්ෂපාන ජල විදුලි බලාගාරයේ විදුලි උත්පාදනයෙන් පසු එම ජලය කැළණි ගඟට මුදා හැරීමට ලක්ෂපාන ජලවිදුලි බලාගාරයේ පාලනාධිකාරිය පියවර ගෙන ඇති බව සඳහන් වේ.
232 Views
Comments