මැතිවරණය සඳහා මුදල් නිදහස් කරන්නැයි ඉල්ලා මුදල් අමාත්‍යාංශයට ලිපියක්

මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතාට මැතිවරණ නිරීක්ෂණ සංවිධාන විසින් ඒකාබද්ධව ලිපියක් යොමු කර තිබේ. ඒ, පළාත් පාලන මැතිවරණය සඳහා මුදල් නිදහස් කරන්නැයි ඉල්ලමිනි.
එම ලිපිය මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය, නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය, ප්‍රජාතාන්ත්‍රීය ප්‍රතිසංස්කරණ හා මැතිවරණ අධ්‍යයන ආයතනය, ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල්, ශ්‍රී ලංකා පැෆ්රල් සංවිධානය, ලක්බිමේ මව්වරු සහ දියණියෝ මෙන්ම මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානය එක්ව යොමුකර ඇත. ජනතා පරමාධිපත්‍යයේ මූලික අංගයක් වන මැතිවරණය පැවැත්වීම සඳහා අදාළ අරමුදල් නිදහස් කිරීමෙන් සහාය දක්වන ලෙස ඔවුන් එම ලිපියෙන් පෙන්වා දෙයි.
219 Views
Comments