පුත්තලමේ අභිරහස් මරණයක්.
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
05

පුත්තලමේ අභිරහස් මරණයක්.

පුත්තලමේ අභිරහස් මරණයක්.

පුත්තලම පැරණි මන්නාරම මාර්ගයේ උඩයාර්වැවේ තිබී  අභිරහස් ලෙස මියගිය පුද්ගලයෙකුගේ මළසිරුරක් සොයාගෙන තිබේ.

 

 

පුත්තලම පැරණි මන්නාරම මාර්ගයේ පදිංචිව සිටි මෙම තැනැත්තා  පුත්තලම නගරයේ සත්ත්ව මාංශ අලෙවි කිරීමේ ස්ථානයක සේවය කරන්නෙකු වන පස්දරු පියෙකි.

 

 

අදාළ තැනැත්තා පෙරේදා නිවසින් බැහැරවගොස් නැවත නොපැමිණීම හේතුවෙන් නිවැසියන් සොයා බැලීමෙන් අනතුරුව උඩයාර්වැව අසල තිබී එම පුද්ගලයාගේ පාවහන් සහ ඇඳුමක් අද (05) උදෑසන හමුවී ඇත.

 

 

පසුව ප්‍රදේශවාසින් විසින් වැව පරීක්ෂා කිරීමේදී එම පුද්ගලයාගේ සිරුර හමුව ඇති බව පොලීසිය පවසයි.

 

 

මියගොස් සිටි පුද්ගලයාගේ ඥාතියෙකු මරණය සැක සහිත බව පොලීසියට පවසා ඇත. මන්ද එම පුද්ගලයා ගැඹුරු දියේ ගිලි මසුන් ඇල්ලීමට ද දක්ෂයෙකු බැවින් ඔහු දියේ ගිලී මියයාමට හැකියාවක් නොමැති බැවින් ය.

 

 

කෙසේ වෙතත් පුත්තලම පොලීසිය විසින් මරණය ඝාතනයක්ද යන්න පිළිබඳව වැඩිදුර  පරීක්ෂණ පවත්වයි.

views

255 Views

Comments

arrow-up