ගල් අඟුරු නැව් දෙකක් සඳහා තවම මුදල් ලැබී නැත
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
12

ගල් අඟුරු නැව් දෙකක් සඳහා තවම මුදල් ලැබී නැත

ගල් අඟුරු නැව් දෙකක් සඳහා තවම මුදල් ලැබී නැත

මෙම මාසයේදී රුපියල් බිලියන 20.2 ක මුදලක් ගල් අඟුරු මිලදී ගැනීම සඳහා අවශ්‍ය ඇති බව ලංකා ගල් අඟුරු සමාගම පවසයි. ඒ සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලයට ඉල්ලීම් ඉදිරිපත් කර ඇති බව සභාපති ෂෙහාන් සුමනසේකර මහතා සඳහන් කර සිටී. මෙරටට මේ වනවිට ගල් අඟුරු රැගත් නෞකා 3 ක් සේන්දු වී ඇත.

 

ගල් අඟුරු මෙට්‍රික් ටොන් 60,000 ක ප්‍රමාණයක් ඒවායේ අන්තර්ගත වී ඇති අතර ෂෙහාන් සුමනසේකර මහතා සඳහන් කළේ, ඉන් එක් නෞකාවක තොග ගොඩබෑම මේ වනවිට සිදුවන බව සහ රුපියල් බිලියන 6.4 ක මුදලක් අනෙක් නෞකා දෙක සඳහා ගෙවීමට ඇති බවත් ය.නමුත්, ඒ සඳහා මෙතෙක් මුදල් ලැබී නැත.

views

224 Views

Comments

arrow-up