මහනුවර නගරයේ සිදු කළ වැටලීමකින් හෙරොයින් සමග කාන්තාවන් හතරක් දැලේ
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
05

මහනුවර නගරයේ සිදු කළ වැටලීමකින් හෙරොයින් සමග කාන්තාවන් හතරක් දැලේ

මහනුවර නගරයේ සිදු කළ වැටලීමකින් හෙරොයින් සමග කාන්තාවන් හතරක් දැලේ

ඊයේ උදෑසන මහනුවර පොලිසිය, නිළ සුනඛ අංශයේ නිලධාරීන් සමග එක්ව කළ වැටලීමකින් හෙරොයින් සමඟ කාන්තාවන් හතර දෙනෙකු ද ඇතුළත්ව දහ දෙනකු අත්අඩංගුවට ගෙන ඇත.

 

මොවුන් සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 39 ක් සහ මිලිග්‍රෑම් 265 ක් සොයා ගෙන ඇති බව පොලිසිය සඳහන් කරයි. අවුරුදු 24 ත් 52 ත් අතර වයස්වල පසුවන සැකකරුවන් හීරැස්සගල, මහයියාව, මහනුවර සහ දිගන ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර කටුගස්තොට සහ රෝහල් පටුමග ප්‍රදේශවල පදිංචි සැකකාරියන් අවුරුදු 24 ත් 49 ත් අතර පසුවන්නියන් බව ද අනාවරණය කරගෙන ඇත.

 

මෙම විශේෂ මෙහෙයුමට 48 දෙනෙකුගෙන් යුත් පොලිස් නිලධාරීන් කණ්ඩායමක් සහභාගී වී ඇත. අත්අඩංගුවට ගත් පිරිස අද මහනුවර මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

views

218 Views

Comments

arrow-up