එළඹෙන 15 වැනිදා විදුහල්පතිවරුන් වර්ජනයේ

විදුහල්පතිවරුන් මුහුණ දී ඇති ගැටළු සම්බන්ධයෙන් පසුගිය 28 වන දා අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සමග ලංකා විදුහල්පති සංගමය සාකච්ඡාවක් පවත්වන ලද බව වාර්තා වෙයි.
එම සාකච්ඡාවට සහභාගි වූ ඇතැම් නිලධාරීන්ගේ අදහස් සහ යෝජනා අනුව ඉදිරිපත් කළ ගැටලුවලට කඩිනම් විසඳුමක් නොලැබෙන බව පෙනී යන බැවින්, විදුහල්පති සංගමයේ ලේකම් පියසිරි ප්‍රනාන්දු මහතාගේ අත්සනින් යුතුව අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත, ලබන 15 වැනිදා දිවයින පුරා සිටින විදුහල්පතිවරුන් එක්දින සංකේත වැඩ වර්ජනයක නිරත වන බව සඳහන් කරමින් ලිපියක් යවා ඇති බව වාර්තා වේ.
දිවයින පුරා පාසල්වල සේවය කරන විදුහල්පතිවරුන් 1597 දෙනෙකුට, වසර දෙකක කාලයක් පුරා උසස්වීම් ලබා දීමට රජය අපොහොසත් වී ඇති බව එම ලිපියේ සඳහන් වේ.
එමෙන්ම තම අයිතිවාසිකම් ඉල්ලා සිටින ජනතාවට සහ අසාධාරණයන්ට ලක් වූවන්ට රජය විසින් මුදා හරින පීඩනයට එරෙහිව මෙන්ම, නියමිත පරිදි පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට රජය කටයුතු නොකිරීමට එරෙහිව මෙම සංකේත වැඩ වර්ජනය පැවැත්වීමට තීරණය කර ඇතැයි ද එම ලිපියේ දැක්වෙයි.
248 Views
Comments