MAR
19
හිදෝගම අයෙක් උඩුමහලකින් වැටී මිය යයි

හිදෝගම ප්‍රදේශයේ වෙළෙඳසැලක උඩු මහලින් වැටී පුද්ගලයකු මියගොස් ඇති බව වාර්තා වේ.
මියගිය පුද්ගලයා තවත් පුද්ගලයින් කීප දෙනෙකු සමග එම වෙළෙඳසැලේ ඉහළ මහලේ මත්පැන් පානය කරමින් සිට ඇති අතර එහි අඳුරු ස්ථානයක් වෙත ගමන් කරමින් සිටියදී එම පුද්ගලයා ඇද වැටී මිය ගොස් ඇති බව වාර්තා වේ.
මෙසේ මියගොස් ඇත්තේ 37 හැවිරිදි වියේ පසුවන නාච්චදුව, කුසව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් හිදෝගම පොලිසිය විසින් විමර්ශන සිදු කෙරේ.
305 Views
Comments