බාගෙට සැප බස් සේවාව නවත්තන්න තීරණයක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
19

බාගෙට සැප බස් සේවාව නවත්තන්න තීරණයක්

බාගෙට සැප බස් සේවාව නවත්තන්න තීරණයක්

සාමාන්‍ය ගාස්තු මත දිවෙන බස් රථ වලත්, අර්ධ සුඛෝපභෝගී බස් රථ වලත් වෙනසක් නොමැති බව නිරීක්ෂණය වීම හේතුවෙන්, මගී බස් රථ සේවාව එළඹෙන සිංහල හා දෙමළ අවුරුද්දෙන් පසු අවලංගු කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසා සිටී.

 

අර්ධ සුඛෝපභෝගී බස් රථ වල සාමාන්‍ය ගාස්තුවට වඩා වැඩි මුදලක් අය කරන අතර, සුඛෝපභෝගී බස් රථ සඳහා අර්ධ සුඛෝපභෝගී බස් රථ ගාස්තුව මෙන් දෙගුණයක් අය කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති ශෂී වෙල්ගම මහතා පවසා සිටි.

 

අර්ධ සුඛෝපභෝගී කාණ්ඩය යටතේ ධාවනය වන බස් රථ වලට ආසන ගණන පමණක් මගීන් ප්‍රවාහනය කරවීම අනිවාර්ය වුවත්, ලංගම මෙන්ම පුද්ගලික බස්රථ වැඩිපුර ගාස්තු ද අය කරමින් බස් රථයේ ආසන ගණනට දෙතුන් ගුණයකට වැඩියෙන් මගින් ප්‍රවාහනය කරන බවට නිරීක්ෂණය වී ඇති බව වාර්තා වේ.

 

මගීන්ට සෙතක් නොලැබෙන අර්ධ සුඛෝපභෝගී සේවාව අහෝසි කළ යුතු බවට මේ සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවලදී ජාතික ගමනාගමන කොමිෂන් සභාව යෝජනා කර ඇත.

 

මේ අතර දැනට සුඛෝපභෝගී ලෙස ධාවනය කරන බස් රථ වායුසමීකරණ බස් රථ ලෙසට හෝ සාමාන්‍ය සේවා වශයෙන් මාරු කරගන්නා ලෙස ජාතික ගමනා ගමන කොමිෂන් සභාව බස් සංගම් වලට ද අවධාරණය කර තිබේ.

views

265 Views

Comments

arrow-up