මැතිවරණය වෙනුවෙන් තවත් නඩුවක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
19

මැතිවරණය වෙනුවෙන් තවත් නඩුවක්

මැතිවරණය වෙනුවෙන් තවත් නඩුවක්

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පළාත් පාලන ඡන්දය පැවැත්වීම සම්බන්ධයෙන් සිදු කර ඇති නියෝගයට අදාළව මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා ක්‍රියා නොකිරීම සම්බන්ධයෙන් සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය එක්ව ලබන සතියේ ලේකම්වරයාට එරෙහිව නඩු පැවරීමට තීරණය කොට තිබේ.

 

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දුන් තීන්දුවක් ක්‍රියාත්මක නොකිරීම අධිකරණයට අපහාස කිරීමක් බව සජබ සහ ජාතික ජන බලවේගය පෙන්වාදෙයි.

 

ඒ අනුව සජබ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාගේ මැදිහත්වීමෙන් යුතුව මහින්ද සිරිවර්ධන මහතාට එරෙහිව අධිකරණයේ නඩු පැවරීමට තීරණය කොට ඇත.

views

269 Views

Comments

arrow-up