අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ගැන විශේෂ ප්‍රකාශයක්

අමෙරිකානු ඩොලරයට සාපේක්‍ෂව රුපියල ශක්තිමත්වීම හේතුවෙන් පසුගිය දින කිහිපය තුළ සෑම අත්‍යවශ්‍ය භාණ්ඩයකම මිල අඩුවී ඇතැයි වෙළෙද අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කරන අතර එහි වාසිය ඍජුවම පාරිභෝගිකයන්ට ලැබෙන බව ඔහු තවදුරටත් සඳහන් කරයි.
මේ අනුව සිංහල දෙමළ අලුත් අවුරුදු සමයේදී තවදුරටත් අත්‍යවශ්‍ය භාණ්ඩ මෙන්ම අනෙකුත් ආනයනික භාණ්ඩ වල ද මිල පහළ යනු ඇති බව ඔහු ප්‍රකාශ කරයි.
මේ අතර ලබන සඳුදා සිට ආනයනික කිරිපිටි මිල අඩුකිරීමට ද තීරණය කර තිබෙන අතර ආනයනික කිරිපිටි කිලෝ එකක මිල රුපියල් 200 කින් සහ ග්‍රෑම් 400 ක මිල රුපියල් 80 කින් අඩුවනු ඇති බව ඔහු සඳහන් කරයි.
273 Views
Comments