දියර බිත්තර ආනයනයට තවම අවසර නැහැ
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
19

දියර බිත්තර ආනයනයට තවම අවසර නැහැ

දියර බිත්තර ආනයනයට තවම අවසර නැහැ

සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසන්නේ දියර බිත්තර ආනයනය සඳහා පනවා තිබූ බදු ප්‍රතිශතය අඩු කළ ද, මෙතෙක් ඒවා ආනයනයට අවසර ලබා දී නොමැති බවයි.

 

එම සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා කියා සිටියේ දියර බිත්තර ආනයනය සඳහා තම සංගමය පමණක් කටයුතු කරන බැවින්, ඉතා ඉක්මනින් අදාල ආයතන වලින් අනුමැතිය ලබා දුනහොත් හැකි ඉක්මනින් ඒවා ආනයනය කිරීමට කටයුතු කරන බවයි.

 

ජාඇල ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා කියා සිටියේ ආනයනික දියර බිත්තර කිලෝ එකක් සඳහා පනවා තිබූ බද්ද ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 1300 සිට රුපියල් 200 දක්වා අඩු කර ඇති බවයි.

 

වෙළෙඳපොලේ මේ වන විට බිත්තර හිඟයක් නිර්මාණය වී ඇති අතර, ආනයනය ප්‍රමාද වූ මිලියන දෙකක බිත්තර තොගයක් හෙට දිනයේ ඉන්දියාවේ සිට නැව්ගත කිරීමට නියමිත බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා සඳහන් කර සිටියේය.

 

සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය සාමාජික උමංග විතානගේ මහතා පවසා සිටින්නේ දියර බිත්තර ආනයනය කිරීමෙන් අනතුරුව ඒවා බේකරි කර්මාන්තයට සහ බිස්කට් නිෂ්පාදනය සඳහා යොදා ගන්නා බවයි.

views

285 Views

Comments

arrow-up