සේවක අර්ථසාධක අරමුදලේ නීති කිහිපයක් ලිහිල් කරන්න සැලසුම්
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
26

සේවක අර්ථසාධක අරමුදලේ නීති කිහිපයක් ලිහිල් කරන්න සැලසුම්

සේවක අර්ථසාධක අරමුදලේ නීති කිහිපයක් ලිහිල් කරන්න සැලසුම්

සේවක අර්ථසාධක අරමුදලෙන් ලබාදෙන 30% ක ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා දැනට පවතින කොන්දේසි කිහිපයක් ලිහිල් කිරීමට කම්කරු අමාත්‍යාංශය අවධානය යොමුකර ඇති බව වාර්තා වේ.

 

එම අරමුදල සතුව මේ වනවිට රුපියල් බිලියන 3500 ක් පමණ පවතින අතර, එහි සාමාජිකයන් සඳහා වාර්ෂිකව මේ වනවිට 9.5% ක පොලී ප්‍රතිශතයක් ගෙවනු ලබයි.

 

සේවක අර්ථසාධක අරමුදලෙන් ලබාදෙන 30% ක ප්‍රතිලාභය යටතේ වර්ෂයකට රුපියල් බිලියන 14 ක් 15 ක් පමණ මුදලක් සේවකයන් සඳහා ගෙවීම් සිදුකරනු ලැබේ.

 


මෙහි ප්‍රතිලාභ ලබාගැනීම සඳහා සේවකයෙකු අඛණ්ඩව වසර 10 ක කාලයක් සේවයේ යෙදී සිටීම ඇතුළු කොන්දේසි කිහිපයක් සපුරා තිබිය යුතු වන අතර, සේවකයෙකු සඳහා උපරිම ලෙස රුපියල් ලක්‍ෂ 20 ක මුදලක් ප්‍රතිලාභ ලෙස ගෙවනු ලබන බව ද වාර්තා වේ.

 

අරමුදලෙන් 30% ක ප්‍රතිලාභ ලබාගෙන වසර 10 ක් ගෙවී ගිය පසු නැවත 30% ක ප්‍රතිලාභයක් ලබාගැනීමේ හැකියාව සාමාජිකයන්ට ලැබෙන අතර නව සංශෝධනයේදී නිවාස අලුත්වැඩියාව සඳහා අනුමැතිය ලබාදීමේදී දෙමාපියන් නමට ඇති ඉඩම් ඔප්පුවකට ද අවසර ලබාදීම ඇතුළු කොන්දේසි කිහිපයක් ලිහිල් කිරීම කෙරෙහි අවධානය යොමු වී ඇතැයි වාර්තා වේ.
 

views

276 Views

Comments

arrow-up