ලාංකීය කාන්තාවන් නගා සිටුවන්න ජපන් රජයෙන් ආධාර
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
26

ලාංකීය කාන්තාවන් නගා සිටුවන්න ජපන් රජයෙන් ආධාර

ලාංකීය කාන්තාවන් නගා සිටුවන්න ජපන් රජයෙන් ආධාර

2023 පෙබරවාරි සිට 2023 දෙසැම්බර් දක්වා ක්‍රියාත්මක වන “අර්බුදකාරී කාන්තාවන් සවිබල ගැන්වීම” නම් නව ව්‍යාපෘතියක කොටසක් වශයෙන්, ශ්‍රී ලංකාවේ සමාජ - ආර්ථික අර්බුදයෙන් පීඩාවට පත් වූ කාන්තාවන් සඳහා වන මානුෂීය ආධාර වෙනුවෙන් ජපාන රජය අමෙරිකානු ඩොලර් මිලියන 1.6 ක් ලබා දී ඇති බව වාර්තා වේ.

 

 
ජපාන රජය විසින් එක්සත් ජාතීන්ගේ කාන්තා ඒකකය වෙත මෙම අරමුදල් ලබා දීම සිදු කර ඇති අතර, ආර්ථික අර්බුදයෙන් අවදානමට ලක්ව ඇති කාන්තාවන් ප්‍රමුඛ ක්ෂුද්‍ර ව්‍යවසායන්
500 දෙනෙකුට සහ දරිද්‍රතාවයෙන් හා මන්දපෝෂණයෙන් පෙළෙන පුද්ගලයන් 2,000 කට වැඩි පිරිසකට මෙම ආධාර වැඩපිළිවෙල සහය වනු ඇති බවට ශ්‍රී ලංකාවේ ජපන් තානාපති MIZUKOSHI Hideaki මහතා කියා සිටී.
 

views

248 Views

Comments

arrow-up