පාස්කු ප්‍රහාරයේ තවත් මහමොළකරුවෙක් ත්‍රස්ත විමර්ශන ඒකකයට

අත්අඩංගුවට ගෙන බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයේ මහ මොළකරු බව පැවසෙන මොහොමඩ් ඊබ්‍රහිම් සාදික් අබ්දුල්ලා නම් සැකකරු දින තුනක් ත්‍රස්ත විමර්ශණ ඒකකයේ රදවාගෙන ප්‍රශ්න කිරීම සඳහා ඊයේ (21) අධිකරණය විසින් අවසර ලබා දෙන ලදී.
ඔස්ට්‍රේලියාවේදී අත්අඩංගුවට පත්වූ අල්කයිඩා ත්‍රස්ත කණ්ඩායම් සාමාජිකයෙකු විසින් කරන ලද ප්‍රකාශ මත පදනම්ව මෙම පුද්ගලයා අත්අඩංගුවට ගන්නා ලද බව වාර්තා වෙයි.
පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ ප්‍රධාන නඩුවට සම්බන්ධ මොහු ඇතුළු සැකකරුවන් 24 කට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කරමින් නඩු විභාගයක් පැවැත්වෙන අතර, පාස්කු ප්‍රහාරයට ආයුධ සැපයීම සම්බන්ධයෙන් ද මොහු ඇතුළු තවත් සැකකරුවන් 8 දෙනෙකුට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කළ නඩුවක් විභාග වෙමින් පවතින බව වාර්තා වේ.
මෙම පුද්ගලයා පාස්කු ප්‍රහාරයට ප්‍රථම මාලදිවයින කරා ගොස් අල්කයිඩා ත්‍රස්ත කණ්ඩායමේ පුහුණුව ලබා විදේශීය ත්‍රස්තයින් සමග සබඳතා පවත්වා ඇති බවට ද කරුණු අනාවරණය වී ඇති අතර, පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ මහ මොළකරු මෙම සැකකරු ද යන්න සම්බන්ධයෙන් සැකයක් පවතින බවට විමර්ශන කණ්ඩායම් කියා සිටී.
319 Views
Comments