ගුවන් ටිකට්පත් මාරු කරගෙන රටින් පිටවෙන්න හැදූ ලාංකිකයෙකුට ඉන්දියාවේදී වැඩ වරදී

ගුවන් යානා අවසර පත්‍රය හුවමාරු කර ගැනීමේ චෝදනාව මත ශ්‍රී ලාංකිකයෙකු ඇතුළු දෙදෙනෙකු මුම්බායි පොලිසිය විසින් ඉන්දීය ජාත්‍යන්තර ගුවන්තොටුපළේ දී අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ.
ඉන්දීය වාර්තා සඳහන් කළේ ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයක් යොදාගනිමින් සංචාරය කළ ශ්‍රී ලාංකිකයෙකු සහ ජර්මනියේ සිට ගමන් ගත් අයෙක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි.
විමර්ශනවලදී හෙළි වී ඇත්තේ ඔවුන් ඉන්දියාවේ මුම්බායි ජාත්‍යන්තර ගුවන් තොටුපලේ වැසිකිලියකදී ලන්ඩනයට සහ කත්මන්ඩු බලා යාමට සිය අවසරපත්‍ර මාරු කරගෙන ඇති බවයි.
ශ්‍රී ලාංකිකයාගේ විදේශ ගමන් බලපත්‍රයේ පිටවීමේ මුද්‍රාව ව්‍යාජ ලෙස සකස් කර ඇති බව ගුවන් සේවා සමාගමේ නිලධාරියෙකු විසින් හඳුනාගෙන ඇති අතර, වැඩිදුර විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ ඔහුගේ අවසර පත්‍රයේ මුද්දර අංකයද ව්‍යාජ එකක් බවටයි.
279 Views
Comments