ජීවිත රැසක් බේරූ 13 හැවිරිදි පාසල් සිසුවා
විදේශගත ඔබට
Latest_News
calendar
APR
29

ජීවිත රැසක් බේරූ 13 හැවිරිදි පාසල් සිසුවා

ජීවිත රැසක් බේරූ 13 හැවිරිදි පාසල් සිසුවා

ඇමරිකාවේ මිචිගන් ප්‍රාන්තයේ සිසුන් පිරිසක් රැගත් බස් රථයක් ධාවනය කරමින් සිටියදී රියදුරු හදිසියේ රෝගී වීමෙන් සිදු වීමට ගිය විශාල අනතුරක් බසයේ සිටි සිසුවෙකු විසින් වළක්වා තිබේ.

 

 

රියදුරු රෝගීවී සිටින බව දුටු 13 හැවිරිදි දරුවෙකු නිවැරදිව බස් රථය හසුරුවා තිබීම හේතුවෙන් එලෙස බස් රථයේ සිටි අනෙක් සිසුන්ගේ ආරක්ෂාව තහවුරු වී ඇත.

 

 

එම අවස්ථාවේදී බස් රථයේ සිසුන් 66 දෙනෙකු සිට ඇති අතර බස් රථය හසුරුවන අතරතුරදීම හදිසි සේවා අංශ අමතන ලෙස ඔහු සිය මිතුරන්ට දැනුම් දී ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

views

356 Views

Comments

arrow-up