කකුලේ ගැටගැසූ රහස් පණිවිඩයක් සමග ඉන්දීය ධීවරයෙකුට හමුවූ අබිරහස් පරෙවියා කාගේද?

ඉන්දීය ධීවරයකුට සිය බෝට්ටුව තුළ සිටි සැක සහිත පරෙවියෙකු හමුවී පසුව ධීවරයා විසින් එම පරෙවියාව තමිල්නාඩු රාමනාදන්පුරම් පොලිසිය වෙත ඉකුත් 20 දා භාර දී තිබෙන පුවතක් වාර්තා වේ.
මෙම පරෙවියා බෝට්ටුව තුළට පැමිණි ආකාරය පිළිබඳව ධීවරයාට නිශ්චිත අදහසක් නොමැති අතර, ඔහු ධනුෂ්කොඩි ප්‍රදේශයෙන් මසුන් මැරීම සඳහා පිටත්ව ගොස් මුහුදු සැතපුම් 7 ක් පමණ දුර ගිය විට මෙම පරෙවියාව දැක තිබේ.
එම පරෙවියා බෝට්ටුව තුළ නයිලෝන් නූලකින් ගැට ගසා සිට ඇති අතර, එක් කකුලක අක්ෂරවලින් ලියන ලද පණිවුඩයක් තිබූ බවත්, අනෙක් කකුලේ ඉලක්කම් කීපයක් තිබූ බවත් තමිල්නාඩු පොලිසිය වාර්තා කොට සිටින අතර එම අක්ෂර කවර භාෂාවකට අයත්දැයි හඳුනාගත නොහැකි බවද ප්‍රකාශ කොට තිබේ.
රාමනාදන්පුරම් පොලිසිය ප්‍රකාශ කොට ඇත්තේ එම පරෙවියා යාපනය ප්‍රදේශයෙන් පැමිණ ඇති පරෙවියෙකු බවට සැක කරන බවයි.
රාමේෂ්වරම් පුලිදේවන් නමැති එම ධීවරයා විසින් සැක කටයුතු පරෙවියා පොලිසියට භාර දීමෙන් පසුව ප්‍රශ්න කිරීම සඳහා ඔහුවද පොලිසියේ රඳවාගෙන තිබේ.
රාමනාදන්පුරම් පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.
333 Views
Comments