මැදගමදී තියුණු අවියකින් පහර දීමෙන් පුද්ගල මරණයක්
විදේශගත ඔබට
Latest_News
calendar
APR
15

මැදගමදී තියුණු අවියකින් පහර දීමෙන් පුද්ගල මරණයක්

මැදගමදී තියුණු අවියකින් පහර දීමෙන් පුද්ගල මරණයක්

මැදගම දිඹුල්දෙන ප්‍රදේශයේදී පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහර දී මරා දමා ඇති බව වාර්තා වේ.

 

මෙම පහරදීම හේතුවෙන් තුවාල ලැබූ පුද්ගලයා මැදගම රෝහලට ඇතුළත් කරන අවස්ථාවේ මියගොස් ඇති බව සඳහන් වේ.

 

මෙසේ මියගොස් ඇත්තේ කොටබෝව මැදගම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 47 වූ පුද්ගලයෙකි.

 

මෙම පුද්ගලයන් දෙදෙනා අතර ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් මෙම පහරදීම සිදුකර ඇති අතර, මෙම ඝාතනය සිදු කළ පුද්ගලයාද මැදගම රෝහලට ඇතුළත් කර පසුව ඔහු අත්අඩංගුවට ගෙන මොණරාගල සිරිගල රෝහල වෙත මාරු කර තිබේ.

 

මිය ගිය පුද්ගලයාගේ මෘත ශරීරය මැදගම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කෙරේ.
 

views

236 Views

Comments

arrow-up