මොරටුවේ පාසලක් කඩා ලක්ෂ ගණනක බඩු ඉස්සූ සැකකරු දැලේ

පසුගිය 13 වනදා රාත්‍රී කාලයේ මොරටුව කටුකුරුන්ද ප්‍රදේශයේ පාසලක් කඩා එහි තිබූ රුපියල් ලක්ෂ දහයකට අධික වටිනාකමකින් යුත් භාණ්ඩ තොගයක් සොරාගෙන ගොස් ඇතැයි එගොඩඋයන පොලිසිය පවසා සිටී.
මෙම සොරකම සම්බන්ධව බස්නාහිර පළාත් බුද්ධි තොරතුරු මත එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
සැකකරු එගොඩඋයන ජෝශප් පටුමග ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි පුද්ගලයෙකු බව අනාවරණය වී තිබේ.
පාසලේ පරිගණක කාමරයේ තිබූ ලැප්ටොප් පරිගණක, පාසල් උපකරණ, පාසලේ ශබ්දවාහිනී උපකරණ, වයර් ඇතුළු තවත් වටිනා උපකරණ තොගයක් මෙලෙස සොරාගෙන ගොස් තිබී සොයාගෙන ඇතැයි පොලිසිය පවසා සිටී.
එලෙස පාසලේ තිබූ තවත් භාණ්ඩ රැගෙන ගොස් ඇති අතර එම භාණ්ඩ සොයා බස්නාහිර පළාත් බුද්ධි අංශය සහ එගොඩඋයන අපරාධ අංශයේ ස්ථානාධිපති ඇතුළු නිලධාරීන් පිරිසක් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.
අත්අඩංගුවට ගත් සැකකරු මොරටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
260 Views
Comments