මෙවර අවුරුද්දේ බාර් හිමියන්ට ගජ වාසි

මෙවර අලුත් අවුරුදු සමයේ දී පහත වැටී තිබූ මත්පැන් අලෙවිය ඉහළ ගොස් ඇතැයි සුරාබදු දෙපාර්තමේන්තුව පවසා සිටී.
මත්පැන් නිෂ්පාදන සමාගම් සුරාබදු දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇත්තේ පසුගිය කාලයේ ආර්ථික අර්බුදය හේතුවෙන් මත්පැන් අලෙවිය 40% කින් පමණ පහත වැටී තිබූ අතර අවුරුදු සමයේ දී එය 20% කින් වැඩි වූ බවයි.
කෙසේ වෙතත් අප්‍රේල් මාසයේ ගෙවුණු සතියේ සිට මෙසේ මත්පැන් අලෙවිය ඉහළ යෑමක් සිදුවී ඇත.
මත්පැන් මිල අඩු කිරීමේ අරමුණින් සුරාබද්ද රුපියල් 2000 කින් අඩු කරන ලෙස මත්පැන් නිෂ්පාදන සමාගම් මුදල් අමාත්‍යංශයට දැනුම් දුන්න ද එම ඉල්ලීම මුදල් අමාත්‍යංශය විසින් ප්‍රතික්ෂේප කර තිබුණු බව වාර්තා වේ.
272 Views
Comments