පුත්තලමේ කඩයක් බිඳ ලක්ෂ හැටක ජංගම දුරකථන ඉස්සූ තිදෙනෙක් දැලේ
විදේශගත ඔබට
Latest_News
calendar
APR
22

පුත්තලමේ කඩයක් බිඳ ලක්ෂ හැටක ජංගම දුරකථන ඉස්සූ තිදෙනෙක් දැලේ

පුත්තලමේ කඩයක් බිඳ ලක්ෂ හැටක ජංගම දුරකථන ඉස්සූ තිදෙනෙක් දැලේ

පුත්තලම නගරයේ දුරකථන අලෙවිසැලකින් සොරා ගන්නා ලද ලක්ෂ 60 කට ආසන්න දුරකථන තොගයක් හා ඒවා සන්තකයේ තබාගත් සැකකරුවන් තිදෙනකු කාත්තන්කුඩි ප්‍රදේශයේදී ඊයේ (21) පුත්තලම කොඨඨාස අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

 

මෙම සැකකරුවන් රුපියල් ලක්ෂ 60 ක් පමණ වටිනා දුරකථන සොරාගෙන ඇති බවත්, ඉන් ලක්ෂ 30 ක පමණ දුරකථන සංඛ්‍යාවක් සොයාගෙන ඇති බවත් වාර්තා වේ.

 

අනෙක් දුරකථන, සැකකරුවන් විසින් අලෙවි කර ඇති බවට අනාවරණය වන අතර, කාත්තන්කුඩි ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 18, 20, 24 වයස් වල පසුවන සැකකරුවන් තිදෙනකු මෙසේ අත්අඩංගුවට ගෙන තිබෙන බවද වාර්තා වේ. පසුගිය මාර්තු මස 27 වන දා රාත්‍රියේ දුරකථන අලෙවිසැලේ වහළයෙන් ඇතුළු වී මොවුන් මෙම සොරකම සිදු කොට ඇති අතර, කාත්තන්කුඩි ප්‍රදේශයේ පිරිසක් සැකකටයුතු ලෙස දුරකථන අලෙවි කරමින් සිටින බවට ලද තොරතුරක් මත මෙම පිරිස අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්ව තිබේ.

 

views

339 Views

Comments

arrow-up