එක්ස්ප්‍රස් පර්ල් වංචාව ගැන සොයන්න කාරක සභාවකුත් පත් කරයි

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවට අදාලව නඩු පැවරීම ප්‍රමාද කිරීම සඳහා ලබාගත් අල්ලසක් පිළිබඳව අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදු කොට තිබේ.
එහිදී ඇමරිකානු ඩොලර් කෝටි 25 ක අල්ලසක් ලබාගෙන ඇති බව ලිපිනයක් සහ ගිණුම් අංක සහිතව ඒ මහතා හෙළිදරව් කර ඇත.
මේ පිළිබඳව සොයාබැලීම සඳහා විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කිරීමට රජයේ අවධානය යොමු වී තිබේ.
ඒ මෙම සිදුවීමේ ඇත්ත නැත්ත හෙළි කරගැනීම සඳහා පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවක් පත් කරන ලෙස අධිකරණ අමාත්‍යවරයා, නීතිඥ චන්දිම වීරක්කොඩි මහතා ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරුන් ගණනාවක් කථානායකවරයාගෙන් කරන ලද ඉල්ලීමකට අනුවයි.
321 Views
Comments