වගාවට වින කරන සතුන් එළවන්න ලාංකිකයෙක් හැදූ නව තුවක්කුවට තවමත් බලපත් නෑ
විදේශගත ඔබට
Latest_News
calendar
APR
22

වගාවට වින කරන සතුන් එළවන්න ලාංකිකයෙක් හැදූ නව තුවක්කුවට තවමත් බලපත් නෑ

වගාවට වින කරන සතුන් එළවන්න ලාංකිකයෙක් හැදූ නව තුවක්කුවට තවමත් බලපත් නෑ

ගෙවතු වගාවට හානි කරන රිළවුන්, වඳුරන් ඇතුළු වන සතුන් පලවා හැරීම සඳහා රතිඤ්ඤා යොදාගෙන නිෂ්පාදනය කර තිබෙන තුවක්කුවක් වැනි නව උපකරණයකට අවශ්‍ය බලපත්‍රය මෙතෙක් ලබාදීමට කටයුතු නොකිරීම නිසා එම උපකරණය නිෂ්පාදනය කළ තැනැත්තාට ඒවා අලෙවි කර ගැනීමට නොහැකිව සිටින බව කඹුරුපිටිය ගොවිජන සේවා ප්‍රාදේශීය නිලධාරී එම්.පී. ගාමිණී මහතා හෙළි කොට සිටී.

 

කඹුරුපිටිය ප්‍රාදේශීය ලේකම් කුසලක නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති කඹුරුපිටිය කෘෂිකර්ම කමිටුවේදී තවදුරටත් අදහස් දැක්වූ ඒ මහතා කියා සිටියේ මෙය වගාවට හානිකරන වන සතුන් පලවා හැරීමට හැකි සාර්ථක උපකරණයක් බවත්, දින කීපයක් භාවිත කිරීමෙන් පසු උපකරණය දකින විටත් වන සතුන් බියට පත්වී පලා යන බවත්ය.

 

සුළු පරිමාණ නිෂ්පාදකයෙකුට වන මෙම උපකරණය නිපදවූ තැනැත්තාට මෙය ව්‍යාපාරයක් ලෙස සාර්ථකව කරගෙන යාමට අවශ්‍ය බලපත්‍රය සහ අනෙකුත් අතහිත ලබා දීමට බලධාරීන් මැදිහත්විය යුතු බව ඒ මහතා පෙන්වා දෙයි.

 

views

362 Views

Comments

arrow-up