ජනපති නිවස ගිනිතැබීම ගැන මානව හිමිකම් කොමිසමට කියන්න යුධ හමුදාව වෙනම දිනයක් ඉල්ලයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට පසුගිය ජූලි 07 වන දා ගිනිතැබීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් පවත්වනු ලබන පරීක්ෂණය සඳහා ඊයේ (21) ත්‍රිවිධ හමුදාවේ පාර්ශ්වයන් කැඳවා තිබුණි.
ඒ අනුව, ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව මෙම පරීක්ෂණයට පැමිණ කරුණු දැක්වීමට පැමිණියද ශ්‍රී ලංකා යුද්ධ හමුදාව පැමිණ නොමැති බව වාර්තා වේ.
මේ පිළිබඳ නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව කියා සිටින්නේ එම කරුණු දැක්වීම සඳහා ඉදිරි දිනයක් ලබා දෙන ලෙසට ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් ලිඛිතව ඉල්ලීමක් සිදුකොට තිබෙන බවය. ඒ අනුව, එම ඉල්ලීම සැලකිල්ලට ගනිමින් ඉදිරි දිනයක දී මෙම පරීක්ෂණයට අදාළව කරුණු දැක්වීම සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාව කැඳවීමට නියමිත බව මානව හිමිකම් කොමිසම කියා සිටී.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවස ගිනිතැබීම සිදුවන අවස්ථාවේ දී ප්‍රමාණවත් ආරක්ෂාවක්, ආරක්ෂක අංශ විසින් සැපයූවාද යන්න පිළිබඳව සොයා බැලීමට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් මෙම පරීක්ෂණය පවත්වනු ලබයි.
248 Views
Comments