දන්සැල් දෙන අයටත් දන්සැල් කන අයටත් විශේෂ දැනුම් දීමක්

වෙසක් පොහොය නිමිත්තෙන් පවත්වනු ලබන දන්සැල් ලියාපදිංචි කිරීම මේ වන විට ආරම්භ කර ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කර සිටී.
එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කර සිටින්නේ, දන්සැල් පැවැත්වීමට පෙර දින සහ දන්සැල් පැවැත්වෙන දිනය තුළ අදාල පරික්ෂා කිරීම් කටයුතු සිදුකරන බවයි.
මේ දිනවල පවතින වැසි තත්ත්වය හේතුවෙන් දන්සැල් ආශ්‍රිතව පාචන රෝගය පැතිර යාමේ අවදානමක්ද පවතින බව ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේය.
ඒ අනුව දන්සැල් වල ආහාරපාන සැකසීමේදී සහ ජලය භාවිතයේදී සෞඛ්‍යාරක්ෂිතව කටයුතු කරන ලෙස මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය මහජනතාවට දැනුම් දෙයි.
272 Views
Comments