වෙසක් පෝය දා බුදු පිළිමයක් ගැලවූ පුත්තලමේ දේශපාලකයා කවුද
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
06

වෙසක් පෝය දා බුදු පිළිමයක් ගැලවූ පුත්තලමේ දේශපාලකයා කවුද

වෙසක් පෝය දා බුදු පිළිමයක් ගැලවූ පුත්තලමේ දේශපාලකයා කවුද

කල්පිටිය දලුව හන්දියේ පෙරේදා දිනයේ උත්සවාකාරයෙන් තැන්පත් කරන ලද බුද්ධ ප්‍රතිමා වහන්සේ පැය කිහිපයක් යන විට එම ප්‍රදේශයේ ප්‍රබල දේශපාලකයන් තිදෙනෙකුගේ මෙහෙයවීම මත ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් දෙදෙනකු මැදිහත්වී ගලවාගෙන ගොස් ඇතැයි කල්පිටිය ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ප්‍රධාන ලේඛකාධිකාරි මිගෙට්ටුවත්තේ සුමිත්ත හිමියෝ සඳහන් කරයි.

 

මේ සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ග වලට අනිවාර්යයෙන්ම එළඹෙන බව ද පැවසූ උන්වහන්සේ මෙම සිදුවීම් පිටුපස අන්‍ය ආගමික ප්‍රධානීන් කිහිප දෙනෙකු ද සිටින බව කියා සිටී. ප්‍රතිමාව තැන්පත් කරන ලද කොන්ක්‍රීට් තට්ටුවද කඩා බිඳ දමා ඇති බවත් එම ප්‍රතිමා වහන්සේ නොරොච්චෝල පොලිසියට රැගෙන ගොස් ඇති බවත් උන්වහන්සේ කියා සිටියේය. රාජ්‍ය වෙසක් උත්සවය ද කල්පිටියේ පැවැත්වෙද්දී වෙසක් සතියේ බෞද්ධාගමට එරෙහිව සිදුකරන මෙවැනි කෙනෙහිලිකම් වලට දැඩි අප්‍රසාදය පළ කරන බව උන්වහන්සේ තව දුරටත් පැවසූහ.

views

298 Views

Comments

arrow-up