පුවරසන්කුලමේ අනතුරකින් පාපැදිකරුවෙක් මරුට
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
06

පුවරසන්කුලමේ අනතුරකින් පාපැදිකරුවෙක් මරුට

පුවරසන්කුලමේ අනතුරකින් පාපැදිකරුවෙක් මරුට

පුවරසන්කුලම පොලිස් වසමේ 08 කණුව හන්දිය අසල දී ඊයේ (04) දින සවස් කාලයේ වව්නියාව දෙස සිට මන්නාරම දෙසට ධාවනය වූ යතුරු පැදියක් එම දිසාවටම ගමන් ගත් පා පැදියක ගැටීමන් අනතුරක් සිදුව ඇති බව වාර්තා වේ.

 

අනතුරින් බරපතල තුවාල ලැබූ පාපැදිකරු පුවරසන්කුලම රෝහලට ඇතුළත් කර ඇති අතර, වැඩිදුර ප්‍රතිකාර සඳහා වව්නියාව රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් ඇති බව වාර්තා වේ.

 

මෙසේ මියගොස් ඇත්තේ පුවරසන්කුලම ප්‍රදේශයේ පදිංචි අවුරුදු 75 ක් වූ පුද්ගලයෙක් බව සඳහන් වේ.

 

අනතුර සම්බන්ධයෙන් පුවරසන්කුලම පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ සිදු කෙරේ.

views

254 Views

Comments

arrow-up