ආරක්ෂක අමාත්‍යාංශයේ ‌හොර හැඳුනුම්පතක් සමග අයෙක් අලවතුගොඩින් අල්ලයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
06

ආරක්ෂක අමාත්‍යාංශයේ ‌හොර හැඳුනුම්පතක් සමග අයෙක් අලවතුගොඩින් අල්ලයි

ආරක්ෂක අමාත්‍යාංශයේ ‌හොර හැඳුනුම්පතක් සමග අයෙක් අලවතුගොඩින් අල්ලයි

ආරක්ෂක අමාත්‍යාංශය ලෙස සඳහන් කළ පොලිස්පතිවරයාගේ අත්සන හා නිල මුද්‍රා සහිත ව්‍යාජ හැඳුනුම්පතකින් රහස් පරීක්ෂකවරයෙකු ලෙස පෙනී සිටි අලවතුගොඩ,දෙල්ගස්ගොඩ පදිංචි අවුරුදු 29 ක් වන පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබේ. පහර දීමක් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට පොලිස් භාරයට ගත් අවස්ථාවේ ඔහුගේ මුදල් පසුම්බියේ තිබී මෙම ව්‍යාජ හැඳුනුම්පත පොලිසිය සොයා ගෙන ඇති අතර ඔහු සතුව තිබී පුද්ගලික රහස් පරීක්ෂක සේවය නමින් සකස් කළ ව්‍යාජ හැඳුනුම්පතක්ද සොයා ගෙන තිබේ.

 

පොලිසියට ඇති අධික ආශාව හේතුවෙන් මෙම ව්‍යාජ හැඳුනුම්පත් සකස් කර ඇති බව ඔහු සඳහන් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් අලවතුගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

views

311 Views

Comments

arrow-up