පොල්දූවේ පාලම යට ප්‍රධාන ජල නළයේ ඇණ ගැලෙව්වේ කවුද?

පොල්දූව පාලම යටින් දිවෙන අඹතලේ ප්‍රධාන ජල පොම්පාගාරයේ සිට ජුබිලි කණුව දක්වා ජලය ගෙන යන ප්‍රධාන නලයේ ජල කාන්දුවක් සිදුවීම හේතුවෙන් ඊයේ දිනයේ කොළඹ ප්‍රදේශ ගණනාවකට ජල සැපයුම විසන්ධි විය.
මෙම කාන්දුවට හේතු වී ඇත්තේ පොල්දූව පාලම යට පිහිටි ජල නල සම්බන්ධ කරන ඇණ විශාල ප්‍රමාණයක් කිසියම් පිරිසක් විසින් ගලවාගෙන යාමයි.
එම ජල නල එකිනෙක සම්බන්ධ කර ඇති විශාල ඇණ 48 කින් 33 ක් එලෙස ගලවාගෙන ගොස් ඇති බව ජලසම්පාදන මණ්ඩලයේ නිලධාරීන් පවසා තිබේ.
ඇණ පමණක් ගැලවීම මගින් මෙම විශාල ජල නලය කැඩී බිමට වැටීමට ඉඩ තිබූ බවත් එසේ වූයේ නම් පොල්දූව පාලම ද කැඩි යාමේ අවදානමක් පැවති බවත් ඔවුන් පෙන්වා දී ඇත.
කෙසේ වෙතත් මේ වනවිට ජල සැපයුම යථා තත්ත්වයට පත් කර ඇති අතර ජල නලයට හානි කිරිම සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කිරීමට ද කටයුතු කර ඇත.
262 Views
Comments