බස්නාහිර සංවර්ධනයට සිංගප්පූරු සැලැස්මක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
20

බස්නාහිර සංවර්ධනයට සිංගප්පූරු සැලැස්මක්

බස්නාහිර සංවර්ධනයට සිංගප්පූරු සැලැස්මක්

බස්නාහිර පළාත සහ කොළඹ නගරය සංවර්ධනය කිරීමට සැලැස්මක් සකස් කිරීමට හා නැගෙනහිර පළාත සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය කිරීමට අදාළව සැලැස්මක් පිළියෙල කිරීම සඳහා සිංගප්පූරුවේ සර්බානා ජුංරොංග් නමැති පුද්ගලික සමාගමට ලබාදීමට නියමිතය.

 

ඒ සඳහා එම සමාගමට ඇමෙරිකානු ඩොලර් නව ලක්ෂ පනස් දෙදෙහසක (952,000) මුදලක් මුදල්, ආර්ථික ස්ථායිකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය මගින් ගෙවීමට නියමිතය.

 

නැගෙනහිර පළාත සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය කිරීමේදී මඩකලපුව දිස්ත්‍රික්කයේ කල්කුඩා සහ කල්මුණේ අතර වෙරළ තීර ප්‍රදේශය තුළ සංචාරකයින්ගේ ආකර්ෂණය වර්ධනය වන පරිදි සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමට නියමිතය.

views

416 Views

Comments

arrow-up