ගොඩිගමුව ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් මාස 7ක බිළිඳියක් මරුට
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
13

ගොඩිගමුව ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් මාස 7ක බිළිඳියක් මරුට

ගොඩිගමුව ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් මාස 7ක බිළිඳියක් මරුට

තංගල්ල - හම්බන්තොට ප්‍රධාන මාර්ගයේ ගොඩිගමුව ප්‍රදේශයේදී ඊයේ රාත්‍රී සිදු වූ රිය අනතුරකින් මාස 7 ක් වයසැති බිළිඳියක් මියගොස් තිබේ.

 

හම්බන්තොට සිට තංගල්ල දෙසට ධාවනය වූ ලොරි රථයක් ඉදිරියෙන් පැමිණි වෑන් රථයක මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදු ඇති අතර
පොලීසිය පැවසුවේ ලොරි රථයේ රියැදුරුට නින්ද යාමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.

 

අනතුරින් ලොරි රථයේ රියැදුරු, වෑන් රථයේ රියැදුරු ඔහුයේ බිරිඳ සහ දියණියන් තිදෙනෙකු බරපතළ තුවාල ලබා තංගල්ල රෝහලට ඇතුළත් කර පසු මාස 07 බිළිඳිය මියගොස් ඇති බව පොලීසිය සඳහන් කළේ ය.

 

ලොරි රථයේ රියැදුරු පසුව මාතර රෝහල වෙත මාරු කර යවා ඇත.

 

ලොරි රථයේ රියැදුරු පසුව මාතර රෝහල වෙත මාරු කර යවා ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් තංගල්ල පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනු ලබයි.

views

288 Views

Comments

arrow-up