MAY
06
ජාතික වෙසක් උත්සවය ජලයෙන් යට වෙයි

හලාවත කැබැල්ලැව රත්නසිරි පිරිවෙනේ මෙවර ජාතික වෙසක් උත්සවය පවත්වන භූමිය මහවැසි හේතුවෙන් ඊයේ දින අලුයම සම්පූර්ණයෙන්ම ජලයෙන් යටවී තිබූ අතර, ජලයෙන් යටවීම හේතුවෙන් වෙසක් සැරසිලි රැසකට ද හානි සිදුවූ බව වාර්තා වේ.
මෙවර ජාතික වෙසක් උත්සවය අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතින් පෙරේදා දිනයේ එම භූමියේදී විවෘත කරනු ලැබීය.
කෙසේ වෙතත් ඊයේ දිනයේ ජලය පිරී නොමැති ස්ථාන වල අනෙකුත් ආගමික කටයුතු සිදු කරන ලද බවද වාර්තා වේ.
325 Views
Comments