උණවටුන මහා විද්‍යාලයේ විද්‍යා සිසුන්ට අසාධාරණයක්
විදේශගත ඔබට
Latest_News
calendar
APR
29

උණවටුන මහා විද්‍යාලයේ විද්‍යා සිසුන්ට අසාධාරණයක්

උණවටුන මහා විද්‍යාලයේ විද්‍යා සිසුන්ට අසාධාරණයක්

ගාල්ල උණවටුන මහා විද්‍යාලයේ විද්‍යා විෂය හදාරන සිසුන් පිරිසක්  අද මානව හිමිකම් කොමිසමට පැමිණ පැමිණිල්ලක් සිදු කර තිබේ. ඒ උසස් පෙළ විද්‍යා විෂය පමණක් හැදෑරීම සඳහා වෙනත් පාසලකට යන ලෙසට කලාප අධ්‍යාපන කාර්යාලයෙන් තමන්ට දන්වා ඇති බව පවසමිනි.

 

පළමු වසරේ සිට එකොළොස්වන වසර දක්වා අධ්‍යාපන ලැබූ තමන්ට විද්‍යා විෂයන් හැදෑරීමට පමණක් වෙනත් පාසලකට යන ලෙසට කලාප අධ්‍යාපන කාර්යාලයෙන් පැවසූ බව අදාල සිසුන් සඳහන් කර සිටී.

 

ඊට විරෝධය පළ කරමින් එම සිසුන් අද මානව හිමිකම් කොමිසටම පැමිණිල්ලක් ඉදිරිපත් කළ අතර ඔවුන් පවසන්නේ මෙතෙක් විද්‍යා විෂයන් ඉගෙනීමේ කටයුතුවලට පැමිණි ගුරුවරිය වෙනත් පාසලකට මාරු කර යවා තිබීම හේතුවෙන් මෙම තත්ත්වය මතුව ඇති බවයි.

views

266 Views

Comments

arrow-up