සූම් එකෙන් මැයි දිනය සමරන අපේ ජනපති

එක්සත් ජාතික පක්ෂය විසින් සංවිධානය කරනු ලබන මැයි දින සැමරුම කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ පැවැත්වෙන බව එම පක්ෂයේ මහලේකම්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා සඳහන් කර සිටී.
ආර්ථිකය, ආරක්ෂාව සහ තාක්ෂණය අතින් රට ජයග්‍රහණය කරවීම ඉලක්ක කර ගෙන ‘2048 ජයගමු’ යන තේමාවෙන් මෙවර මැයි දිනය පැවැත්වීමට සැලසුම් කර ඇති බව පැවසෙන අතර, පක්ෂයේ උප නායක අකිල විරාජ් කාරියවසම්, ජාතික සංවිධායක සාගල රත්නායක, සභාපති වජිර අබේවර්ධන ඇතුළු නායකත්ව මණ්ඩලයක ප්‍රධානත්වයෙන් මැයි දින සමුළුව පැවැත්වෙන බවත් වාර්තා වේ.
එසේම, පක්ෂ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම සමුළුව අමතනු ලබන්නේ සූම් තාක්ෂණය ඔස්සේ බවත්, නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතාගේ මූලිකත්වයෙන් මෙම සමුළුව පැවැත්වීමට නියමිත බවත් වාර්තා වේ.
248 Views
Comments