ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න ලංකාවට චීනයේ සහාය දිගටම

ආර්ථික අර්බුදයෙන් ගොඩඑමින් සිටින ශ්‍රී ලංකාවට ඉදිරියේදීත් චීනයේ සහාය අඛණ්ඩව හිමිවන බව මෙරට චීන තානාපති චී ෂෙන් හොන්ග් මහතා ප්‍රකාශ කරයි. මහනුවර ශ්‍රී චන්දානන්ද විද්‍යාලයේ ඊයේ (28) පැවති වාර්ෂික ත්‍යාග ප්‍රධානෝත්සවයට සහභාගී වෙමින් ඔහු මේ පිළිබඳ අදහස් පළ කළේය.
එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ,
වසර 30 කට ආසන්න කාලයක් ශ්‍රී ලාංකික ජනතාව යුද්ධයෙන් පීඩාවට පත්වූ බවත්, ත්‍රස්තවාදයට එරෙහිව සිදුකරන ලද සටනේ චීනය විසින් ශ්‍රී ලංකාවට විශාල ශක්තියක් වී ඊට අවශ්‍ය සහාය යුද බිමේදී ලබාදෙනු ලැබූ බවත්, එමෙන්ම ජාත්‍යන්තර වශයෙන් ශ්‍රී ලංකාවේ ස්වෛරීත්වය හා අභිමානය සුරැකීමට චීනය ආරක්ෂකයෙකු ලෙස කටයුතු කරනු ලැබූ බවත්, යුද්ධයෙන් පසුව සිදුකරන ලද සංවර්ධනය වෙනුවෙන් චීනය විශාල ලෙස ආධාර ලබාදීමක් සිදුකරනු ලැබූ බවත් ය.
එසේම මෙරට ආර්ථික වශයෙන් හා සමාජයීය වශයෙන් සංවර්ධනය උදෙසා වන අධිවේගී මාර්ග, දුම්රිය මාර්ග, වරාය, ගුවන්තොටුපොළ මෙන් යටිතල පහසුකම් සංවර්ධනයට ද චීනය සහාය ලබා දී ඇති බව ඔහු ප්‍රකාශ කර සිටියේය.
286 Views
Comments