බස් රථ තුල මුදල් කොල්ලකෑ අයෙක් මොණරාගලදී අල්ලයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
06

බස් රථ තුල මුදල් කොල්ලකෑ අයෙක් මොණරාගලදී අල්ලයි

බස් රථ තුල මුදල් කොල්ලකෑ අයෙක් මොණරාගලදී අල්ලයි

බස් රථ තුල කොල්ලකෑමේ නිරත වූ තරුණයෙකු, සොරාගත් මුදල් ද සමග අත්අඩංගුවට ගැනීමට මොණරාගල කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් සමත්ව තිබේ.

 

මොණරාගල බස් නැවතුම්පොලේදී නෙදර්ලන්ත ජාතිකයෙකුගේ මුදල් පසුම්බියක් සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිදු කල විමර්ශනයකදී මෙම සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

 

මහකලුගොල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු විසිතුනක් වන තරුණයෙකු වන මොහු සන්තකයේ තිබී සොරාගත් රුපියල් 65,000 ක මුදලක් ද පොලිස් නිලධාරීන් විසින් සොයාගෙන තිබේ.

 

සැකකරු මොණරාගල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

 

views

257 Views

Comments

arrow-up