යාපනේ ආවා කල්ලියේ දෙදෙනෙක් පොලිස් දැලේ

යාපනය ආවා කල්ලියේ නායකයා වන විනෝද් නමැත්තා කෝපායි පොලිසිය වෙත භාර වීමෙන් පසු, යාපනය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 17 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
කෝපායි පොලිස් ස්ථානයේ නිළධාරියෙකුට තර්ජනය කර පළා යාම සම්බන්ධ වරෙන්තු සිද්ධියකට අදාලව නිතිඥයෙකු මාර්ගයෙන් සැකකරු පොලිසියට භාරවී ඇති බව වාර්තා වේ.
ඔහු සමග තවත් වරෙන්තුකරුවෙකු වු මල්ලාකම් රංජන් නමැත්තාද පොලිසියට භාර වී තිබේ.
යාපනය දිස්ත්‍රික්කයේ සිදු කළ මංකොල්ලකෑම්, තර්ජනය කිරීම් හා පහරදීම් රැසකට මෙම සැකකරුවන් දෙදෙනා සම්බන්ධ බවට පොලිසිය කියා සිටී.
249 Views
Comments