පානදුර වෙරළට ආ දැවැන්ත අමුත්තා
විදේශගත ඔබට
Latest_News
calendar
APR
29

පානදුර වෙරළට ආ දැවැන්ත අමුත්තා

පානදුර වෙරළට ආ දැවැන්ත අමුත්තා

පානදුර මුහුදු වෙරළට අඩි 7 කට ආසන්න දිගකින් යුත් කිඹුලෙක් ඊයේ (28) පස්වරුවේ පැමිණ ඇති බව පානදුර ජීවිත ආරක්ෂක ඒකකය ප්‍රකාශ කර සිටී.

 

ඊයේ පස්වරු 5.30 ට පමණ වෙරළ ආසන්නයේ ඇති ගල්වැටිය අසලට කිඹුලෙකු පැමිණ සිටින බව දුටු ධීවරයෙක් වෙරළ ආරක්ෂක නිලධාරීන් දැනුවත් කර ඇති අතර, නිලධාරීන් පැමිණීමේදී කිඹුලා මුහුදට ඇදී ගොස් වෙරළට මීටර් දහයක් විස්සත් අතර දුරකින් මුහුදේ, රාත්‍රී වන තුරු සැරිසරා ඇති බව සඳහන් වේ.

 

මේ සම්බන්ධයෙන් අත්තිඩිය වනජීවී නිලධාරීන් දැනුවත් කර ඇති අතර, කිඹුලා මුහුදු වෙරළෙන් ඉවත් කරනතුරු මුහුදේ දිය නෑමේදී සහ සිරි නැරඹීමට පැමිනීමේදී සැලකිලිමත් වන ලෙස පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටී.

views

303 Views

Comments

arrow-up