වෙසක් දා නැගෙනහිර වෙරළේ බාබකියු පාටියක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
06

වෙසක් දා නැගෙනහිර වෙරළේ බාබකියු පාටියක්

වෙසක් දා නැගෙනහිර වෙරළේ බාබකියු පාටියක්

නැගෙනහිර පළාතේ පානම ප්‍රදේශයේ වෙරළබඩ කලාපයේ ඊයේ දින සවස පැවැත්වීමට සුදානම් කර තිබු බාබකියු සාදය අත්හිටුවීමට මහජන ආරක්ෂාව භාර අමාත්‍ය ටිරාන් අලස් විසින් කටයුතු කර තිබේ.

 

මෙම සාදය පිළිබඳව සංවිධායකයින් විසින් සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය කිරීමට ද කටයුතු යොදා තිබුණු අතර, වෙසක් පොහොය දිනයක එවැනි සාදයක් පැවැත්වීමට සුදානම් කර තිබීම පිළිබදව බොහෝ දෙනාගේ අප්‍රසාදය පළ වී තිබිණි.

views

295 Views

Comments

arrow-up