රිලවුන්ට වඳ සැත්කම් කිරීම අරඹයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
13

රිලවුන්ට වඳ සැත්කම් කිරීම අරඹයි

රිලවුන්ට වඳ සැත්කම් කිරීම අරඹයි

රිලවුන් සඳහා වඳ සැත්කම් කිරීමේ වැඩසටහනක් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨය විසින් ආරම්භකර තිබේ.

 

මෙහිදී රිලව්න් අල්ලා සිහි නැති කිරීමෙන් පසුව ශල්‍යාගාරයක් තුල උදරට කුඩා කැමරාවක් යවා එමගින් වඳ සැත්කම් කරන බව මහාචාර්ය අශෝක දංගොල්ල මහතා සඳහන් කර සිටී.

 

සුනඛයන් හා බලලුන්ට වඳ සැත්කම් කිරීමෙන් පසු උදරයේ විශාල කැපුම් තුවාල ඇතිවන නමුත් රිලවුන්ට මෙම සැත්කම් කළ පසු කුඩා තුවාලයක් තිබී දිනක දී පමණ සුවවන බවද මහාචාර්යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

 

මෙරට කෘෂි ආර්ථිකයට ප්‍රබල තර්ජනයක් වී ඇති රිලා ගහනය පාලනය කිරීමට මෙය සාර්ථක වැඩපිළිවෙලක් බවද ඒ මහතා පවසයි.

views

325 Views

Comments

arrow-up