බෝට්ටුවෙන් රට පනින්න හැදූ පිරිසක් මන්නාරමේදී අල්ලයි

නීති විරෝධී අයුරින් මුහුදු මාර්ගයෙන් විදෙස් රටකට පලා යාමට තැත් කළ පිරිසක් නාවික හමුදා විසින් මන්නාරම, ඉස්මොක්කන්තුරෙයි තුඩුව අසලදී ඊයේ (05) අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
එහිදී අත්අඩංගුවට ගත් සැකකරුවන් සිව්දෙනා සහ සැකකාරියන් දෙදෙනා මන්නාරම පොලිස් ස්ථානය වෙත භාරදීමට නාවික හමුදාව කටයුතු කර තිබේ.
මෙම පිරිස එකම පවුලේ සාමාජිකයන් වන අතර, වයස අවුරුදු 7 සහ 14 යන වයස්වල පසුවන පිරිමි දරුවන් දෙදෙනෙක් සහ අවුරුදු 16 ක දැරියක් ද වන බව සඳහන් වේ.
අත්අඩංගුවට ගත් පිරිස අතර බෝට්ටුවේ රියදුරුද සිටින අතර ඔහු මන්නාරම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 38 ක පුද්ගලයෙක් වන බව සඳහන් වේ.
අත්අඩංගුවට ගත් මෙම පිරිස අද (06) දිනයේ මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
252 Views
Comments