බිරිඳට පොලු පහර දී මැරූ නත්තරම්පොත සැමියා අතුරුදන්
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
06

බිරිඳට පොලු පහර දී මැරූ නත්තරම්පොත සැමියා අතුරුදන්

බිරිඳට පොලු පහර දී මැරූ නත්තරම්පොත සැමියා අතුරුදන්

කුණ්ඩසාලේ, නත්තරම්පොත, කලාපුරය ප්‍රදේශයේ දී අවුරුදු 35ක් වන සිය බිරිඳට පොල්ලකින් පහරදී මරණයට පත්කළ සැමියෙකු පිළිබඳ පුවතක් වාර්තා වේ.

 

මෙලෙස මියගොස් ඇත්තේ ඩවූන්ඩගේ වරුණි නිලූෂිකා කුමාරි නන්දසේන නමැති කාන්තාවක් වන අතර, මෙම සිදුවීම ඉකුත් 03 දා රාත්‍රියේ නිවස තුළදීම සිදුව ඇති බවද සඳහන් වේ.

 

රොෂාන් ඉවෝන් ද සිල්වා නැමැති සැකකාර සැමියා මෙම ඝාතනය සිදු කිරීමෙන් අනතුරුව ප්‍රදේශයෙන් පලාගොස් ඇති බවද වාර්තා වන අතර, මොහු අත්අඩංගුවට ගැනීම සඳහා මේ වනවිට විශේෂ මෙහෙයුමක් දියත් කොට ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

 

එසේම මෙම යුවල අතර කලක පටන් ආරවුල් පැවති බවත්, සැකකරු දැඩි ලෙස මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වී සිටි අයෙකු බවත් ප්‍රදේශවාසීන් කියා සිටී.

views

309 Views

Comments

arrow-up