වෙසක් සමරන්න ගෙනා නීතිවිරෝධී අරක්කු තොගයක් කාත්තන්කුඩියෙන් අල්ලයි

කාත්තන්කුඩි පොලිසිය විසින් කළ හදිසි වැටලීමකදී වෙසක් සතිය තුළ විකිණීම සඳහා නීති විරෝධී ලෙස ගබඩා කර තිබූ බියර් බෝතල් සහ නීති විරෝධී කසිප්පු සමග කාන්තාවක් සහ තවත් අයෙක් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
පෙරේදා (04) දිසා අපරාධ විමර්ශන ඒකකයට ලැබුණු තොරතුරකට අනුව පොලිස් ස්ථාන භාර නිලධාරී දුමින්ද නයනසිරි මහතාගේ මෙහෙයවීමෙන් මත්ද්‍රව්‍ය නාශක අංශයේ ස්ථානාධිපති සියාම් මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් විසින් මෙම ස්ථානය වටලා අරක්කු, බියර් සහ කසිප්පු බෝතල් අත්අඩංගුවට ගෙන ඇති අතර එම ස්ථානයේ සිටි 39 හැවිරිදි කාන්තාවක් සහ 49 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු ද අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් පුද්ගලයන් මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර කාත්තන්කුඩි පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරයි.
236 Views
Comments