ප්‍රගීත් එක්නැලිගොඩ ඝාතන නඩුව යළිත් කල් යයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
06

ප්‍රගීත් එක්නැලිගොඩ ඝාතන නඩුව යළිත් කල් යයි

ප්‍රගීත් එක්නැලිගොඩ ඝාතන නඩුව යළිත් කල් යයි

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා පැහැරගෙන යෑම, ඔහුගේ මරණය සිදු කිරීම ඇතුළු අධි චෝදනා 17 ක් යටතේ යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන් ඇතුලු විත්තිකරුවන් 09 දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුවේ වැඩිදුර විභාගය ලබන මස 26 වැනිදා දක්වා කල්තැබීමට කොළඹ විශේෂ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල පෙරේදා (04) නියෝග කරන ලදී.

 

පැමිණිල්ල මෙහෙයවීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් නියෝජනයක් නොතිබීම නිසා ඉදිරි නඩු දිනය සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව දැනුවත් කිරීමට පියවර ගන්නා ලෙසටද එම විනිසුරු මඬුල්ල අධිකරණ රෙජිස්ටාර්වරයාට නියෝග කළේය.

 

පැමිණිල්ල වෙනුවෙන් සාක්‍ෂි ලබාදීම සඳහා අධිකරණයේ නියෝගය පරිදි පෙනී සිටි දුරකථන සමාගම් නියෝජිතයන් දෙදෙනකුට ඉදිරි නඩු දිනයේදී යළි අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසද අවවාද කළ විනිසුරු මඩුල්ල පැමිණිල්ලේ 49 වැනි සාක්‍ෂිකරුට එදින පෙනී සිටින ලෙස දන්වා සිතාසි යැවීමටද නියෝග කරන ලදී.

 

views

278 Views

Comments

arrow-up