හිමිකරුවන් නැති බහලුම් 300ක් කොළඹ වරායේ

කොළඹ වරාය පරිශ්‍රයේ බහලුම් අංගණයේ මුදානොගත් බහලුම් තුන්සියයකට ආසන්න ප්‍රමාණයක් ඇති බව රේගුව අනාවරණය කරගෙන ඇත.
ඇතැම් බහලුම්වල ආනයනකරු ලෙස යොදා ඇත්තේ ව්‍යාජ ලිපිනයන්ය. රේගුව කරන ලද පරීක්ෂණවලදී හෙළි වී ඇත්තේ එහි නම් සඳහන් සමාගම් එවැනි ආකාරයෙන් බහලුම් ආනයනය කර නොමැති බවය.
මෙලෙස මුදානොගත් බහලුම් බොහෝමයක ආනයනය තහනම් කරන ලද භාණ්ඩ තිබෙන බව රේගුව කරන ලද වැටලීම් කීපයකදී අනාවරණය කරගෙන තිබේ.
මෙම මුදා නොගත් බහලුම් තොගය වරාය අධිකාරිය යටතේ පාලනය වන බහලුම් අංගණයක සහ පුද්ගලික බහලුම් අංගණ දෙකක ගොඩගසා ඇත.
මීට පෙර මෙවැනි අත්හැර දමන ලද බහාලුමක් පරීක්ෂා කිරීමේදී විදෙස් දුම්වැටි තොගයක් අත්අඩංගුවට ගත් අතර නීතිවිරෝධීව ආනයනය කරන ලද රුපියල් කෝටි ගණනක් වටිනා දුම්කොළ තොගයක්ද තවත් බහාලුමක තිබී අත්අඩංගුවට ගැනුණි.
මෙලෙස අතහැර දමන ලද බහලුම්වල භාණ්ඩ හොර රහසේ පිටකෙරෙන අවස්ථාවන් පිළිබඳවද රේගුවට තොරතුරු ලැබී ඇති අතර එම නිසා රේගු වරාය පාලන අංශය මෙම බහලුම් සම්බන්ධව බුද්ධි තොරතුරු ඔස්සේ විමර්ශන කටයුතු සිදුකරනු ලබයි.
264 Views
Comments