වැඩිම ඩෙංගු රෝගීන් පිරිසක් බස්නාහිර පළාතෙන්
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
20

වැඩිම ඩෙංගු රෝගීන් පිරිසක් බස්නාහිර පළාතෙන්

වැඩිම ඩෙංගු රෝගීන් පිරිසක් බස්නාහිර පළාතෙන්

බස්නාහිර පළාතේ ගෙවල් සියයක් පරීක්ෂා කලහොත් ඉන් 10 ත් 15 ත් අතර නිවාසවලින් මදුරු කීටයින් හමුවන බව සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරීන්ගේ සංගමයේ ජාතික සංවිධායක දිස්නක දිසානායක පවසයි.

 

මේ දක්වා වාර්තාවී ඇති ඩෙංගු රෝගීන්ගෙන් සියයට 25 ක් පාසැල් දරුවන් බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

 

වැඩිම ඩෙංගු රෝගීන් පිරිසක් වාර්තා වන්නේ බස්නාහිර පළාතෙන් බව දිස්නක දිසානායක මහතා සඳහන් කරයි.

 

පවතින අවදානම හමුවේ ජනතාව තම තමන්ගේ නිවෙස්වල ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන පවතී නම් ඒවා ඉවත් කර පිරිසිදුව තබා ගන්නා ලෙස සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරීන්ගේ සංගමයේ ජාතික සංවිධායක දිස්නක දිසානායක මහතා පවසයි.

views

275 Views

Comments

arrow-up