ත්‍රිපෝෂ නිෂ්පාදනය සඳහා බඩඉරිඟු ආනයනය කිරීමේදී බදු සහනයක්

ලංකා ත්‍රිපෝෂ සමාගම විසින් ත්‍රිපෝෂ නිෂ්පාදනය සඳහා බඩඉරිඟු ආනයනය කිරීමේදී බදු සහනයක් ලබා දීමටතීරණය කර ඇති බව මුදල් අමාත්‍යාංශය සඳහන් කළේය.
ඒ අනුව බඩඉරිඟු ආනයනය කිරීමේදී කිලෝග්‍රෑම් එකක් සඳහා අයකළ රුපියල් 75 ක් වූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් 25ක් දක්වා අඩුකිරීමට පියවර ගෙන තිබේ.
මැයි මස 18 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි මෙම බදු සංශෝධනය සිදුකර ඇත.
රටඉඳි ආනයනය කිරීමේදී ලබා දී තිබූ බදු සහනයද මැයි මස 18 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට මුදල් අමාත්‍යාංශය පියවර ගෙන ඇති බව වැඩිදුරටත් සඳහන් වේ.
251 Views
Comments