සහකම්පනයක් නොමැති සිසුන් 5 දෙනෙකු තවත් සිසුවෙකුට පහර දෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
02

සහකම්පනයක් නොමැති සිසුන් 5 දෙනෙකු තවත් සිසුවෙකුට පහර දෙයි

සහකම්පනයක් නොමැති සිසුන් 5 දෙනෙකු තවත් සිසුවෙකුට පහර දෙයි

පානදුර ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුවෙකුට පහරදීමක් සිදුව තිබෙනවා. පානදුර දකුණ පොලිසිය වාර්තා කළේ සිසුවාගේ උදරයේ යටි ප්‍රදේශයට පයින් පහරදීම හේතුවෙන් මුත්‍රා මාර්ගයෙන් ලේ ගලන බවයි.

 

 

ප්‍රහාරයට වගකිව යුතු සිසුන් පස්දෙනා අත්අඩංගුවට ගන්නා බවයි උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ.

 

 

විද්‍යා විෂයේ දෙවන ප්‍රශ්න පත්‍රය සහ පළමු ප්‍රශ්න පත්‍රය අතර සිසුවාගේ විවේක කාලය තුළ මෙම සිද්ධිය සිදුව ඇති බවයි පොලිසිය පවසන්නේ. පහර කෑමට ලක්වූ සිසුවා මෙම කාලය තුළ තවත් සිසුන් පස් දෙනෙකු සමඟ ඇති වූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් මෙම පහරදීම සිදුව තිබේ.

 

 

ප්‍රහාරයෙන් පසු තුවාල ලැබූ සිසුවා පානදුර මූලික රෝහලට රැගෙන ගිය අතර එහිදී ඔහුගේ මුත්‍රා මාර්ගයෙන් ලේ ගලමින් තිබෙන බව තහවුරු විය.

 

 

සිද්ධිය සම්බන්ධයෙන් කළුතර කලාප අධ්‍යාපන කාර්යාලයට දැනුම් දීමෙන් පසු පොලිසියට දන්වා පරීක්‍ෂණයක් ආරම්භ කර ඇත.

 

 

පළමු ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලිවීම සඳහා සිසුවා රෝහලෙන් පිටව ගිය බව පොලිසිය සඳහන් කළේය. විභාගය අවසන් වූ පසු සිසුවා සිය පියාද කැටුව රෝහලට පැමිණ විධිමත් පැමිණිල්ලක් කළේය.

 

 

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සමන්ත වෙදගේ සහ සහකාර පොලිස් අධිකාරී නිශාන්ත සේනාරත්න යන මහත්වරුන්ගේ උපදෙස් මත මූලස්ථාන පොලිස් පරීක්ෂක උපුල් ප්‍රියංකර නාඋල්ල මහතා පරීක්ෂණ මෙහෙයවයි.

views

218 Views

Comments

arrow-up